වෙසක් නැරඹීමට කොළඹට එන ජනතාවට පොලිසියෙන් දැනුම්දීමක්
May 29, 2026 02:56 pm
මෙවර වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ පැවැත්වීමට නියමිත වෙසක් කලාප, තොරණ හා පහන් කූඩු ප්රදර්ශනය වෙනුවෙන් කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්ම ක්රියාත්මක බව පොලිසිය මහජනතාවට දැනුම්දෙයි.
කොළඹ නගරය මූලික කරගෙන කොළඹ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය, කුරුඳුවත්ත,දෙමටගොඩ, මෝදර යන පොලිස් වසම් තුළ මෙම වෙසක් කලාප හා වෙසක් තොරණ පැවැත්වෙන අතර එම නගරය මූලික කරගෙන මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්රියාත්මක කෙරේ.




