මෙරට භූ දේශපාලනයේ කෙළිබිමක් කර ගන්න ඉඩ දෙන්න බැහැ - සජිත් ප්‍රේමදාස
May 29, 2026 02:03 pm
මෙරට වත්මන් තත්ත්වය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව භූ දේශපාලනයේ කෙළිබිමක් කරගැනීමට බොහෝ පාර්ශ්ව උත්සහ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, තිස්සමහාරාම පන්නෙගමුව දියබැඳි විහාරස්ථානයේ වෙසක් මංගල්‍යට සමගාමීව පැවැති රුහුණු වෙසක් මහා පෙරහැර අවස්ථාව හා එක්වෙමිනි.
එවැනි මැදිහත්වීම්වලට ඊට ඉඩ දිය නොහැකි බවත් මෙරට සුරක්ෂා කරනවා මෙන්ම ආරක්ෂා කරමින් රටේ ජනතාව ශක්තිමත් කළ යුතු බවත් එක් එක් බලවේගවලට අවශ්‍ය ආකාරයට රටේ අභ්‍යන්තර ක්‍රියාදාමවලට ඉඩ නොතැබිය හැකි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
මෙරටට ආවේණික ශක්තිමත් ආර්ථීක, සමාජීය, දේශපාලන, සංස්කෘතික ස්ථාවරයක් ගොඩනැගිය යුතු බවත් සෑම අංශයකින්ම රටක් ලෙස ශක්ති සම්පන්න විය යුතු බව ද ඔහු පැවසීය.
මේ වනවිට මෙරට අභියෝග රැසකට මුහුණ දෙන බවත් භයංකාර ආර්ථික තත්ත්වයකට මුහුණ දෙන නිසා දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජන ජීවිත පටුවී ආදායම් මාර්ග අහිමිවී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
මෙවැනි තත්ත්වයක් මත සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස, අපේකම, රටේකම, සංස්කෘතිය රැකගෙන අපේ රට දියුණු කරන්න කැපවිය යුතු බවත් වහල්භාවයෙන් මිදිය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
