ඩොලරයේ විකුණුම් මිල රු. 334 ඉක්මවයි

ඩොලරයේ විකුණුම් මිල රු. 334 ඉක්මවයි

May 29, 2026   11:50 am

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 334 සීමාව ඉක්මවා ගොස් තිබේ.

මහ බැංකුව විසින් අද (29) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 324.45ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 334.24ක් ලෙස සටහන් වී ඇත.

පෙරේදා (27) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 320.40ක් ලෙස සටහන් විය.

එමෙන්ම ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 330.81ක් ලෙස පෙරේදා ප්‍රකාශයට පත් කර ඇත.