කුඩා ගඟ සහ මඟුර ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක්

කුඩා ගඟ සහ මඟුර ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක්

May 29, 2026   10:59 am

පැවති වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ සහ මඟුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

අද පෙරවරු 10.00 සිට ඉදිරි පැය 48 ක් දක්වා බලපැවැත්වෙන පරිදි බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් සඳහා මෙම අනතුරු ඇඟවීම් සිදුකර ඇත.

එමෙන්ම කුඩා ගඟ සහ මඟුර ගඟ ආශ්‍රිත පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් ද පවතින බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචි ජනතාව සහ එම මාර්ග භාවිත කරන රියදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

අදාළ ආපදා කළමනාකරණ අංශ වෙතද අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ.