ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා ඉල්ලා අස්වෙයි?
May 29, 2026 08:15 am
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ඔහුට එරෙහිව තීන්දුවක් ලබාදී ඇති පසුබිමක ඔහු මෙම තීරණය ගැනීම සුවිශේෂීය.
මේ අතර කපිල පෙරේරා මහතා සිය තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාවද දැනුම්වත් කර ඇති බවත්, ලේකම් ධුරයෙන් ඉවත් වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටද නිල වශයෙන් දැනුම් දී ඇති බවද වාර්තා වේ.
මහාචාර්ය කපිල පෙරේරා මහතා විශ්වවිද්‍යාල සේවයේ සිට රාජ්‍ය සේවය වෙත පැමිණ ඇති අතර රජ්‍ය සේවයේ ඔහුගේ කාලය අවසන් වීමත් සමඟ මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.
ලේකම් ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව මහාචාර්ය කපිල පෙරේරා මහතා යළි විශ්වවිද්‍යාල සේවයට එක්වීමට සූදානම් වන බව සඳහන්ය.
ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකු ලෙසද කටයුතු කර ඇත.
