කිලෝ 3කට අධික මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට

කිලෝ 3කට අධික මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට

May 29, 2026   07:18 am

බදුරලිය පොලිසිය විසින් ලද තොරතුරක් මත සිදුකළ සොදිසි මෙහෙයුමකී කිලෝ 3කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත්ව තිබේ.

තුඹගල්ල කන්ද ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී  කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 362යි මිලිග්‍රෑම් 87ක තොගයක් සොයාගැනීමට පොලිසියට හැකිව ඇත.

කෙසේ නමුත් මත්ද්‍රව්‍ය තොගයේ හිමිකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇති අතර, ඔවුන් සොයාගැනීම සඳහා බදුරලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.