දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක් - තිදෙනෙකු රෝහලට
May 28, 2026 10:23 pm
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුරියවැව පිවිසුම ආසන්නයේ අද (28) රාත්‍රීයේ රිය අනතුරක් සිදුව තිබේ.
අනතුරින් තිදෙනෙකු තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
පොලීසිය සඳහන් කළේ, ටිපර් රථයක් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටී ඇත. ඉන් අනතුරුව ටිපර් රථයට පසුපසින් පැමිණි කොන්ක්‍රීට් මිශ්‍රණ රථයක් ටිපර් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
