පේදුරුතුඩුවෙන් මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන්
May 28, 2026 09:15 pm
පේදුරුතුඩුව සහ කර්කෝවලම් ප්රදේශවලින් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
අප කළ විමසීමකදී පේදුරුතුඩුව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ ඊයේ (27) රාත්රී 11.00 පමණ යාත්රා දෙකකින් මෙම ධීවරයින් සිව්දෙනා මුහුදු ගොස් ඇති බවය.
එම ධීවරයින් මේ වන තෙක් යළි වෙරළට පැමිණ නොමැති බව වාර්තා වෙයි.
අතුරුදන් වූ ධීවරයින් සොයා ගැනීම සඳහා ප්රදේශයේ ධීවරයින් සහ අදාළ අංශ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
