කළුතර වෙඩිතැබීමේ CCTV දර්ශන එළියට
May 28, 2026 10:16 am
අද (28) උදෑසන කළුතර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ CCTV දර්ශන පෙළක් අද දෙරණට ලැබී තිබේ.
යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු ඉලක්ක කරමින් මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බව සඳහන්ය.
වෙඩික්කරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය.
