header logo
SLIC
සයුරෙන් එතෙර
නිවි නිවි දැල්වෙන මැදපෙරදිග යුද්ධය
May 27, 202610:24 PM
නිවි නිවි දැල්වෙන මැදපෙරදිග යුද්ධය
EDEX

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානය අතර පැවැත්වෙන සාකච්ඡා "ඉතා සාර්ථකව ඉදිරියට යමින් පවතින බව" ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ.

මාධ්‍ය ආයතන වෙත ඊමේල් පණිවිඩයක් නිකුත් කරමින් ධවල මන්දිරයේ සහකාර මාධ්‍ය ලේකම් ඔලිවියා වේල්ස් සඳහන් කර ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් සිය සීමාවන් පැහැදිලිව පෙන්වා දී ඇති බවයි.

අමෙරිකානු ජනතාව වෙනුවෙන් උපරිම සාධාරණ ගිවිසුමකට පමණක් ජනාධිපතිවරයා එළඹෙනු ඇති අතර, ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට ඉඩ නොතැබීම එහි ප්‍රධානතම කොන්දේසිය බව ඇය අවධාරණය කර ඇත.

මේ අතර, අමෙරිකා-ඊශ්‍රායල යුද්ධය අවසන් කිරීම සඳහා දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගෙන තිබෙන බවට ඉරාන මාධ්‍ය පළ කළ වාර්තා ධවල මන්දිරය විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ ඒවා "සම්පූර්ණ අසත්‍ය ප්‍රබන්ධ" බව පවසමිනි.

ධවල මන්දිරයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර මාධ්‍යවේදීන් ඇමතූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, ඉරාන නායකයින් "ගිවිසුමකට එළඹීමට දැඩි කැමැත්තකින් පසුවන බව" තමන් විශ්වාස කරන නමුත්, පවතින තත්ත්වය පිළිබඳව තමන් තවම සෑහීමකට පත් නොවන බවය.

ඉරානය තමන්ව මඟහරිමින් කාලය දිනා ගැනීමට උත්සාහ කළ බව පෙන්වා දුන් ට්‍රම්ප්, "ඔවුන් සිතුවේ මම ධුරයෙන් ඉවත්වන තුරු බලා සිටිය හැකි කියායි. නමුත් දැන් ඔවුන්ට ගිවිසුමකට එළඹීම හැර වෙනත් විකල්පයක් නැහැ," යැයි ද පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට