හොර රත්තරන් බඩු උකස් කරන ජාවාරමක්
May 27, 2026 02:25 pm
ව්‍යාජ රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානවලට උකස් කර මුදල් වංචා කළ සැකකරුවෙකු රක්වාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25ක් වන බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සන්තකයේ තිබී සූක්ෂමව සකස් කරන ලද ග්‍රෑම් 08ක් බරැති ව්‍යාජ කාන්තා රන්මුදුවක් හා උකස් මධ්‍යස්ථාන කිහිපයකට ව්‍යාජ රන් භාණ්ඩ අලෙවි කර මුදල් ලබා ගත් රිසිට්පත් කිහිපයක් සොයා ගෙන ඇත.
මෙම ව්‍යාජ රන් භාණ්ඩ, සැකකරු විසින් මීගමුව කුරන ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලබා ගෙන ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.
රක්වාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
