රට රැකියා කරන පිරිසට රජයෙන් අවස්ථාවක්

රට රැකියා කරන පිරිසට රජයෙන් අවස්ථාවක්

May 27, 2026   02:08 pm

කොරියාවේ රැකියාවක් කර ඉන්පසුව නැවත ලංකාවට පැමිණ මෙරට තුළ ආයෝජයන් සිදු කිරීමට බලාපොරොත්තුවක් ඇත්නම් ඒ සඳහා පුර්ණ සහය රජය මගින් ලබාදෙන බව වැඩ බලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සඳහන් කරයි.

ඊයේ (26) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ දකුණු කොරියාවේ රැකියා හිමිවු පිරිසක් අමතමිනි.

වර්තමානයේ ගෝලීය අර්බුදය හමුවේ වුවද රටේ ආර්ථිකය පවත්වා ගෙන යාමට විදේශ රැකියා ක්ෂේත්‍රය විශාල දායකත්වයක් ලබාදෙන අතර, කොරියානු රජය සමඟ ඍජු සාකච්ඡා පවත්වමින් එම රැකියා ක්ෂේත්‍ර තවදුරටත් වර්ධනය කිරීමට කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

2026 වසරේ ජනවාරී මාසයේ සිට මේ දක්වා කොරියානු නිශ්පාදන අංශයේ රැකියාලාභීන් 1,067 රැකියා අවස්ථා හිමි වී තිබේ.

ඉන් 68 දෙනෙකුට ඊයේ අවසන් දැනුවත් කිරීම හා ගුවන් ප්‍රවේශපත් ලබා දීම ද සිදුකර තිබුණි.