2032 වෙද්දී සඳේ කඳවුරු බඳින්න නාසා සූදානමින්
May 27, 2026 11:48 am
චන්ද්‍රයා මත පර්යන්තයක් ඉදිකිරීමේ සැලැස්ම සහ ඊට යොදාගැනීමට සැලසුම් කර ඇති යානා මාධ්‍ය වෙත අනාවරණ කිරීමට අමෙරිකාවේ නාසා ආයතනය පසුගියදා කටයුතු කළේය.
එලෙස අනාවරණ කළේ රොබෝ ලෑන්ඩර්, ඩ්‍රෝන යානා සහ තවත් රථ කිහිපයකි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයෙන් විශ්‍රාම යාමට නියමිත 2029 වසරට පෙර මිනිසුන් සඳ වෙත ගොඩබැස්වීම නාසා ආයතනයේ සැලැස්ම වේ.
එමෙන්ම ඩොලර් බිලියන 20ක් වැය කරමින් 2032 වසර වනවිට සඳේ දක්ෂිණ ධ්‍රැවය මත න්‍යෂ්ටික සහ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන පර්යන්තයක් ඉදිකිරීමට ද ඔවුන් සැලසුම් කර ඇත.
නමුත් බොහෝ පිරිස් පෙන්වා දෙන්නේ අමෙරිකාවේ මෙම සැලසුම යථාර්ථවාදී නොවන බවය.
එමෙන්ම 2030 වසරේදී මිනිසුන් සඳ මත ගොඩබැස්වීමට චීනය දැනටමත් කර ඇති සැලසුම ද අමෙරිකාවට අභියෝගයක් වී ඇති බව සඳහන්.
