විජිතට නවසීලන්තයේ දී සාම්ප්‍රදායික පිළිගැනීමක්

විජිතට නවසීලන්තයේ දී සාම්ප්‍රදායික පිළිගැනීමක්

May 27, 2026   11:37 am

නවසීලන්ත සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙනුවෙන් එරට විදේශ කටයුතු සහ වෙළෙඳ අමාත්‍යාංශයේදී සාම්ප්‍රදායික පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර ඇත.

සිය X ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, නවසීලන්තයේ නිල සංචාරයක් ආරම්භ කරමින් මෙවැනි චාරිත්‍රානුකූල පිළිගැනීමක් හිමි වූ පළමු ශ්‍රී ලාංකික විදේශ අමාත්‍යවරයා තමන් බවය.

එමෙන්ම මෙලෙස සාම්ප්‍රදායික පිළිගැනීමේ උත්සවයකින් තමන්ව ඇගයීමට ලක් කිරීම මහත් ගෞරවයක් කොට සලකන බව ද එම සටහනෙහි වැඩිදුරටත් දැක්වේ.

ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ විසින් කළ ආරාධනයට අනුව අමාත්‍යවරයා එළැඹෙන 3වනදා දක්වා දෙරටේ සංචාරයක නිරත වීමට නියමිතය.

මෙම සංචාරය අතරතුරදී අමාත්‍ය විජිත හේරත් මහතා නවසීලන්ත විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සහ ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග් යන මහත්ම මහත්මීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.