අද ගම්පහට සහ මහරට පැය 12ක ජල කප්පාදුවක්

අද ගම්පහට සහ මහරට පැය 12ක ජල කප්පාදුවක්

May 27, 2026   05:34 am

ගම්පහ සහ මහර ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට අද (27) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ, අද සවස 7සිට හෙට (28) පෙරවරු 7 දක්වා කාලය තුළ ජල සැපයුම කප්පාදු කරන බවය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නළ විතැන්කිරීමේ අත්‍යාවශ්‍ය නඩත්තු තටයුත්තක් හේතුවෙන් මෙම ජල අත්හිටුවීම සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේය.