
බෙල්ජියමේ පාසල් බස් රථයක් දුම්රියක ගැටී සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු මියගොස් තිබේ.
දුම්රිය ගේට්ටුව වසා තිබියදී පාසල් බස් රථයේ රියදුරු දුම්රිය මාර්ගය හරහා බස් රථය ගමන් කරවීමට උත්සාහ කරවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මියගිය පිරිස අතර බස්රථයේ රියදුරු සහ සාහායිකාව ද වන බව සදහන්.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පාසල් සිසුන් 7දෙනෙකු ගමන් කර ඇති අතර සිසුන් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.



































