header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය තියන්න - විපක්ෂයේ පක්ෂ එකඟතාවක
May 26, 202604:51 PM
පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය තියන්න - විපක්ෂයේ පක්ෂ එකඟතාවක
Mobitel 1278

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ එම මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් අද (26) කොළඹදී පැවැත්විණි.

නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාමාර්ගය සංවිධානයේ මූලිකත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරුන්, පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් එක්ව සිටියහ.

එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම, එය දිගින් දිගටම කල් යාමට හේතු වූ කරුණු සහ කඩිනමින් මැතිවරණය පැවැත්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

සාකච්ඡාවට එක්වූ විපක්ෂ දේශපාලන පක්ෂ සහ නිරීක්ෂණ සංවිධාන 42 අතරින් එක් පක්ෂයක් හැර අනෙකුත් සියලු පාර්ශව එක් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා ඇති අතර, එම ප්‍රකාශය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහ ආණ්ඩු පක්ෂයට යොමු කිරීමට ද තීරණය වී ඇත.

ඒකාබද්ධ ප්‍රකාශයට අනුව, 2017 අංක 17 දරණ පනතට පෙර පැවති මැතිවරණ ක්‍රමය යටතේ දැනට කල් දමා ඇති පළාත් සභා මැතිවරණ පැවැත්වීමට එකඟතාව පළ කර තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් තීරණය ලැබෙන තෙක් එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ද එකඟ වී ඇත.

තවද, ස්වේච්ඡා පදනමක් මත කාන්තා සහ තරුණ නියෝජනය සියයට 25ක් දක්වා සහතික කිරීමට ද පක්ෂ එකඟතාව පළ කර තිබේ.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ, සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් පා.ම රංජිත් මද්දුම බණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පා.ම සාගර කාරියවසම්, ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

එමෙන්ම එම්. ඒ. සුමන්තිරන් නියෝජනය කරන ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂයේ නියෝජිතයින්, මනෝ ගනේෂන්, සී වී විග්නේෂ්වරන්, මහින්ද දේශප්‍රිය ඇතුළු පිරිසක්ද ඊට සහභාගී වූහ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට ජාතික ජනබලවේගයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සහභාගී වූ අතර පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනාම මීට සහභාගීව සිටියහ.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana