සරණ අධිකරණයට
May 26, 2026 09:43 am
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දු අද (26) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
ඒ සඳහා අධිකරණයේ පෙනි සිටීමට ඔහු මේ වන විට කොළඹ මහාධිකරණයට පැමිණ තිබේ.
එම අවස්ථවේදී මාධ්‍යවේදින් ඇසු ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ තමන් අධිකරණයට ගරුකරමින් තමා සෑම නඩු වාරයක් සඳහාම පැමිණි බවත් ලබා දෙන තීන්දුවට මුහුණ දීමට සූදානම් බවත්ය.
2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩු හතර ගොනු කර තිබේ.
පසුගිය අප්‍රේල් 30වනදා ද මෙම නඩුවල තීන්දු කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ නමුත් එය අද දිනය දක්වා කල් දැමීට කටයුතු කර තිබුණි.
