බහින්බස්වීමක් ඝාතනයකින් කෙළවර වෙයි

බහින්බස්වීමක් ඝාතනයකින් කෙළවර වෙයි

May 25, 2026   09:23 am

පෑලියගොඩ පොලිස් වසමේ දුටුගැමුණු මාවතේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ (24) මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි. 

එලෙස මියගොස් ඇත්තේ, විහාරගම, දිවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි.  

මරණකරු හා තවත් පිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. 

අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පෑලියගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.