header logo
SLIC
ක්‍රීඩා
SLC ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ උපදේශක තනතුරෙන් ද සනත් ඉල්ලා අස්වෙයි
May 23, 202601:17 PM
SLC ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ උපදේශක තනතුරෙන් ද සනත් ඉල්ලා අස්වෙයි
EDEX

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ (High Performance Center) උපදේශක තනතුරෙන් ද ඉල්ලා අස්වීමට සනත් ජයසූරිය මහතා තීරණය කර තිබේ.

මෙම මස අග සිට බලපැවැත්වෙන පරිදි තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වන බව සනත් ජයසූරිය මහතා විසින් අලුතින් පත් කරන ලද ක්‍රිකට් පරිවර්තන කමිටුව වෙත ලිපියක් මගින් නිල වශයෙන් දැනුම් දී ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ජයසූරිය මහතා නිමාවූ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව එම ධුරයට සමුදී සිටියේය.

එම තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පල්ලේකැලේදී ඉකුත් පෙබරවාරි මස 28වැනිදා පැවැති තරගය ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ අවසන් තරගය විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight