චීනයේ ගල්අඟුරු පතලක පිපිරීමක් - 8ක් මරුට
May 23, 2026 10:30 am
උතුරු චීනයේ ගල්අඟුරු පතලක සිදුවූ ගෑස් පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 8දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ පිපිරීම හේතුවෙන් තවත් 38දෙනෙකු එම පතල තුළ සිරවී ඇති බවය.
කෙසේවෙතත් විෂ වායුව ආග්‍රහණය වීම හේතුවෙන් එම පිරිසගේ සෞඛ්‍ය තත්ත්වය දැඩිලෙස පිරිහී ඇති බව ද වාර්තා වේ.
