ඩොලරයේ විකුණුම් මිලේ සුළු පහළ යාමක්

ඩොලරයේ විකුණුම් මිලේ සුළු පහළ යාමක්

May 22, 2026   11:45 am

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 342.67ක් සහ විකුණුම් මිල රුපියල් 353.17ක් ලෙස වාර්තා වී තිබේ.

ඊයේ (21) දිනයේදී 2023 මාර්තු 02 දිනෙන් පසු වාර්තා වූ ඉහළම ගැනුම් සහ විකුණුම් මිල ගණන් ලෙස රුපියල් 342.63ක ගැනුම් මිලක් සහ රුපියල් 354.03ක විකුණුම් මිලක් සටහන් වී තිබුණි.

කෙසේවෙතත්, අද දිනයේදී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල දෛනික විනිමය අනුපාතිකයන් අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිලෙහි සුළු පහළ යාමක් වාර්තා වී ඇත.

ඊයේ දිනයේදී බැංකු කිහිපයක ඩොලරයක විකුණුම් මිල රුපියල් 354.00 දක්වා ඉහළ ගොස් තිබූ අතර, අද දිනයේදී එය රුපියල් 349.00ක් දක්වා පහළ ගොස් ඇති බව සඳහන් වේ.

මේ වනවිට විවිධ බැංකු අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 349 සිට රුපියල් 354 දක්වා මිල පරාසයක පවතින බව ද වාර්තා වෙයි.

ඒ අනුව අද (22) පෙරවරුවේ දී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

ලංකා බැංකුව - රු. 340.75 - රු. 349.75

මහජන බැංකුව - රු. 343.95 - රු. 354.24

සම්පත් බැංකුව - රු. 343.50 - රු. 352.50

කොමර්ෂල් බැංකුව - රු. 343.09 - රු. 354.25    

HNB - රු. 344.50 - රු. 353.00

සෙලාන් බැංකුව - රු. 342.75 - රු. 354.7