රටටම බලපෑ ආපදාවේ නවතම තොරතුරු

රටටම බලපෑ ආපදාවේ නවතම තොරතුරු

May 22, 2026   11:09 am

දෙල්ගොඩ උඩුපිල මාර්ගය ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් එම මාර්ගයේ දෙල්ගොඩ සිට බැලුම්මහර දක්වා ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය ඇනහිට තිබේ.

-----------------

වේයන්ගොඩ ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නිවාස සහ මාර්ග රැසක් ජලයෙන් යටවි තිබේ. පවතින කාලගුණික තත්ත්වය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතුද සම්පූර්ණයෙන් නැවති ඇත.

-----------------

හංවැල්ල - නිට්ටඹුව මාර්ගය ජලයෙන් යටවී ඇත. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිට තිබේ.

-----------------

හලාවත නාත්තන්ඩිය, හැමිල්ටන් ඇළ මාර්ගයට ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. මේ අතර හලාවත ප්‍රදේශයේ ස්ථාන රැසක්ද ජලයෙන් යටවී ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයිද වාර්තා වේ.

-----------------

රත්නපුර අවට පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. රත්නපුර බෝධිරාජ මාවත, බටුගෙදර, ඇලපාත, අංගම්මන, තිරවානා කැටය, මුද්දූව, මුවගම ආදී ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබේ. එමෙන්ම රත්නපුර සිවලි ක්‍රීඩාංගනයද සුළු වශයෙන් ජලයෙන්ට යටවි ඇත. 

----------------

පන්නල - කුළියාපිටිය මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබේ. එම මාර්ගයේ පිහිටි ශ්‍රී චන්ද්‍ර බිම්බාරාමයේ ‍රන්වැඩ ඇතුළු ඉදිකර ඇති කොටස් කිහිපයක්ම පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් හානි සිදුව තිබේ.

----------------

වැල්ලම්පිටිය කැලණි ගඟ ආසන්නයේ පහත්බිම් රැසක් වැසි ජලයෙන් යටවී තිබේ. මේ අතර කොහිලවත්ත ප්‍රදේශයේ කැලනි ගඟේ ජල මට්ටම් ඉහළ යාමක්ද පෙන්නුම් කර ඇත.