අධික වැසි හමුවේ හලාවත රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවෙයි

අධික වැසි හමුවේ හලාවත රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවෙයි

May 22, 2026   09:31 am

පවතින අධික වැසි හමුවේ හලාවත මහ රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් එම වාට්ටුවල සිටි රෝගීන් වෙනත් වාට්ටු කරා යොමු කිරීමට පියවර ගත් බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක දිනේෂ් කොග්ගල මහතා සඳහන් කළේය.

එමෙන්ම ඊයේ රාත්‍රියේ සිට ඇද හැළෙන ධාරාණිපාත වර්ෂා තත්ත්වය හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයයෙන් යටවී ඇතැයිද ඇතැම් මාර්ග සඳහා ගස් කඩා වැටීම්ද සිදුව ඇතැයිද වාර්තා වේ.

පුත්තලම මාදම්පේ - ගලහිටියාව මාර්ග හරහා ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද මාදම්පේ පොලීසිය දැනුම්දීමක්ද සිදුකර ඇත.