ලබන සතියේ පොලී අනුපාතය ඉහළට?

ලබන සතියේ පොලී අනුපාතය ඉහළට?

May 21, 2026   04:33 pm

මහබැංකු පොලී අනුපාතය එළැඹෙන සතිය වනවිට අවම වශයෙන් Basis points 50කින් හෝ 100කින් නැතහොත් 0.5%කින් හෝ 1%කින් වැඩිකිරීමේ හැකියාවක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහාතා අද (21) පාර්ලිමේන්තුවට අනාවරණය කළේය.

පොලී අනුපාත මෙලෙස ඉහළ ගියහොත් එහි සෘජු ප්‍රතිඵලයක් ලෙස ජනතාවගෙන් අයකරන බදු ප්‍රමාණය තවදුරටත් වැඩිකිරීමට සිදුවන බව මන්ත්‍රීවරයා පැවසීය.

මුදල් අමාත්‍යාංශයට, මහ බැංකුවට, මහා භාණ්ඩාරයට වෙළෙඳපොළ ප්‍රතිපත්ති තිබෙන බවත්, එසේ කටයුතු කරන ලෙසත් ඔහු වගකිව යුතු පාර්ශයන්ගෙන් ඉල්ලා සිටී.

එසේ නොවුණහොත් මෙම විෂම චක්‍රය තවදුරටත් අකර්මණ්‍ය විය යුතු හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.

"කොච්චර දේශපාලන වේදිකාවේ කිව්වත් වැඩක් නෑ, මාකට් එක විශ්වාස කරන්නේ නෑ ආණ්ඩුව. අවාසනාවට මොකද වෙන්නේ, ආණ්ඩුවට ගෙවන්න තියෙන පොලිය වැඩිකරන්න වෙනවා" යනුවෙන් පැවසීය.