මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රීපාද වන්දනාවේ ගිය පුද්ගලයින් 322ක් අත්අඩංගුවට
May 20, 2026 05:32 pm
මෙවර ශ්‍රීපාද වාරය ආරම්භ වූ දා සිට මේ දක්වා එම ප්‍රදේශයට මත්ද්‍රව්‍ය රැගෙන ගිය සැකකරුවන් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ, හැටන් කොට්ඨාසයේ, හැටන්, පොල්පිටිය, ගිණිගත්හේන සහ නල්ලතන්නිය යන පොලිස් ස්ථාන මගින් සිදුකරන ලද වැටලීම්වලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
එහිදී වැටලීම් 336ක් සිදුකර ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම මගින් රුපියල් විසි ලක්ෂ 65,000ක දඩ මුදලක් ද අයකරගත් බව සඳහන් වෙයි.
පොලීසිය සිදුකළ වැටලීම්වලදී හෙරොයින්, අයිස්, ගංජා, හෑෂ්, කුෂ්, මාවා, මදන මෝදක සහ මත්පෙති ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය සොයාගත් බවද සඳහන් වෙයි.
