ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී, ආරක්ෂක ලේකම් හමුවෙයි
May 20, 2026 06:00 am
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් Amar Preet Singh PVSM, AVSM, සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) අතර හමුවක් පැවැත්විණි.
ඊයේ (19) ආරක්ෂක අමාත්‍යාංශයේ දී එම හමුව සිදුවූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
ආරක්ෂක ලේකම්, ඉන්දීය ගුවන් හමුදාපතිවරයා සමඟ ද්විපාර්ශ්විකව වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත වූ බව වාර්තා වෙයි.
ඉන්දීය ආරක්ෂක උපදේශක ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම සැසියට සහභාගී වූ බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය වැඩිදුරටත් සඳහන් කරයි.
