ස්පාඤ්ඤයේත් වෙඩි තැබීමක්
May 19, 2026 02:00 pm
දකුණු ස්පාඤ්ඤයේ සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
අදාළ පුද්ගලයා විසින් සිය දෙමාපියන් මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
තුවාල ලැබූවන් අතර සැකකරුගේ මාස හතක් වයසැති පුත්‍රයා සිටින අතර සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බව ද වාර්තා වේ.
එමෙන්ම තුවාල ලැබූ පිරිස අතර මාස 18ක් වයසැති තවත් බිළිඳෙකු සහ 60 හැවිරිදි පුද්ගලයෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද සඳහන් වේ.
