වාහන ආනයනය අවශ්‍යතාවය මත පමණක් සිදුකරන්න ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි - ප්‍රියංග දුනුසිංහ
May 18, 2026 03:42 pm
වාහන ආනයනය ඉදිරියේදී අවශ්‍යතාවය මත පමණක් සිදුකිරීමට හැකිවන අයුරින් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම කළ යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.
ඔහු පවසන්නේ අවශ්‍යතාවයෙන් තොරව වාහන ආනයනය කිරීම තුලින් මෙරට සතු විදේශ විනිමය අනවශ්‍ය ලෙස වැය වීමක් සිදු වන බවයි.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ මහාචාර්යය ප්‍රියංග දුනුසිංහ මහතා,
"අදවන විට වාහන ආනයනය කිරීමෙන් පස්සේ වාහන ආනයනකරුවන් විසින් විශාල විදියට වාහන ආනයනය කරලා සේල්වල ගොඩගහගත්තා. අද වෙලා තියෙන්නේ මේ ටයර් හතරවල් වාහන සේල්වල පාක් කරලා තියෙනවා අති විශාල විදියට. දැන් මේ අධිභාරයත් එක්ක ඔවුන්ට ඉතා හොද අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතා ඉහළ ලාභයත් ලබා ගන්න ඉහළ මිල ගණන් යටතේ විකිණීම හරහා"
"වාහන ආනයනය කිරීමේ හැකියාව තිබිය යුතුයි අවශ්‍යතාව අනුව. එවැනි අවශ්‍යතාව අනුව වාහන ආනයනය කිරීමට ඉඩලබා දෙනවා මිසක බොහොම අමාරුවෙන් හොයන විදේශ විනිමය ටික භාවිතා කරලා වාහන ආනයනය කරලා සේල්වල වාහන තබා ගෙන අධික ලාභයක් ලබා ගන්න ඉඩ ලබා නොදිය යුතුයි"
