header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දිට්වා වන්දි මුදල් ගෙවීමේදී වංචා රැසක් - වන්දි ලබා දීමට කොමිස් මුදලකුත් අරන්
May 17, 202612:58 PM
දිට්වා වන්දි මුදල් ගෙවීමේදී වංචා රැසක් - වන්දි ලබා දීමට කොමිස් මුදලකුත් අරන්
Mobitel 1278

දිට්වා ආපදා වන්දි මුදල් ලබා දීමේදී මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිලධාරීන් කිහිප දෙනෙකු සිය වන්දි මුදල් බලහත්කාරයෙන් ලබා ගැනීම ඇතුළු වංචා රැසක් සිදුකළ බවට ප්‍රදේශවාසීන් චෝදනා එල්ල වී තිබේ.

ඇතැම් පිරිස් චෝදනා කරනුයේ ආපදා වන්දි මුදල් තමන්ට හිමි වුවද එම මුදල් ලබා ගැනීමේදී කොමිස් මුදලක් ලබා දිය යුතු බවට එම නිලධාරීන් පවසන බවය.

මෙම වංචාව සම්බන්ධවට සම්බන්ධ ආපදා සහන සේවා නිලධාරියා පිලිබඳව එම ප්‍රදේශයේ කාන්තාවක් විසින් චෝදනා කරමින් පැවසුවේ තමන් ආපදා මුදල් ලබා ගැනීමේදී රුපියල් ලක්ෂයක කොමිස් මුදලක් ඔහු විසින් ලබා ගත් බවය.

"මට අප්‍රේල් 20 වැනිදා ලක්ෂ 20ක චෙක් එකක් හම්බුණා. ඊට ඉස්සර AG ඔෆිස් එකේ සුමිත් මහත්තයා අපදා එකේ සර් කෙනෙක් එක්ක ඇවිල්ලා කිව්වා චෙක් එකක් තියෙනවා ගන්න එන්න කියලා. අප්‍රේල් 20 චෙක් එක දුන්නාට පස්සේ මට කිව්වා යන්න එපා ඉන්න කියලා. බැංකුවට ගියා චෙක් එක අතේ තියාගෙන ගියෙත් එයා. බැංකුවෙදි රෝසපාට කොළයක් පුරවන්න දුන්නා. මගෙන් ඇහුවා කීයක් ගන්නවාද කියලා මම කිව්වා 10ක් ගන්නවා කියලා එයා කිව්වා 10ක් ඕනේ නෑ ලක්ෂ 6ක් ඇති කියලා. මම සල්ලි අරන් දොර ගාවට එනකොට එයා ඇවිල්ලා කිව්වා ගන්නකෝ ඔය සල්ලි බලන්න මගේ එකත් තියෙනවා කියලා මම ඇහුවා ඔයාගේ එකක් මේකට කොහෙන්ද කියලා. රබර් බෑන්ඩ් එකේ දාලා තිබුණ ලක්ෂයක් වෙනම ගත්තා මේක තමයි මගේ කොමිස් එක කියලා සාක්කුවේ දාගෙන ගියා."

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ පොලීසියට පැමිණිලි කර ඇති අතර අදාළ පැමිණිලි ලද බවට ලද තොරතුරු අනුව අදාළ ආපදා නිලධාරියා සඳහන් කර ඇත්තේ තමන් ගත් මුදල් නැවත ලබා දීමට සූදානම් බැවින් පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙසය.

"සුමිත් සරුයි එයාගේ යාලුවෙකුයි ගෙදරට ආවා ඇවිත් කිව්වා නැන්දා මෙයාගේ වැඩ තහනම් වෙනවා සල්ලි ගත්තේ නෑ කියන්න. කොට්ටේ යට තිබ්බා කියන්න, සිහි කල්පනාව නෑ කියන්න, මෙට්ටේ යට තිබ්බායි කියන්න කියලා මෙයාලට ඉගැන්නුවා. මට කිව්වා හෙට ගිහිල්ලා පැමිණිල්ල අයින් කරන්න කියලා"

එමෙන්ම මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මදුරුකැටිය ග්‍රාම නිලධාරිවරයාද ආපදා වන්දි මුදල් හිමි පුද්ගලයින්ගෙන් කොමිස් මුදල් ලබා ගන්නා බවටද මේ වන විට අනාවරණය වී තිබේ.

"ලක්ෂ 50ක් පාස් කරනවා කියලා ලක්ෂ 10ක් අපෙන් ඉල්ලුවා ග්‍රාම සේවක මහත්මයා වෙනුවෙන් ගමේ ඉන්න පුද්ගලයෙක් ඇවිත් ඉල්ලුවේ අපිට ලැබුණේ දෙලක්ෂ අසූ නමදහස් හැත්තැ පහක්. ඒකෙනුත් පනස්දහක් ඉල්ල ගත්තා. ඒක දුන්නේ නැත්නම් අනිත් කොටස පාස් කරන්නේ නෑ කිව්වා. ඒක ගත්තෙත් ග්‍රාමසේවකට දෙන්න ඕනේ කියලා තමයි ගත්තේ."

"ගෙවල් කැඩුණු කට්ටියගේ ගෙදරටත් ලක්ෂ 50ක් දීලා තියෙනවා නැති ගෙවල්වලටත් ලක්ෂ 50ක් දීලා තියෙනවා. හොඳට තියෙන ගෙවල්වලටත් දීලා තියෙනවා. එයා හිතවත් කට්ටියට ලක්ෂ 50 ගානේ දීලා තියෙනවා එයාට කොමිස් එකක් තියාගෙන ලක්ෂ 50ක් පාස් වෙච්ච කට්ටියට ලක්ෂ 10ක් ඉල්ල ගෙන තියෙනවා"

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ