පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ හෝටලයකට මුද්‍රා තබයි

පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ හෝටලයකට මුද්‍රා තබයි

May 17, 2026   12:45 pm

මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මත මඩකලපුව නගරයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකට ඊයේ (16) පස්වරුවේ මුද්‍රා තබා තිබේ.

සති දෙකක් හෝටලය වසා තබන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර, රුපියල් 50,000ක දඩ මුදලක්ද නියම කර ඇති බව සඳහන් වෙයි.

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවිකළ බවට එල්ල වූ චෝදනා මත මෙම නියෝගය ලබාදී ඇත.

මඩකලපුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ උපදෙස් මත, මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඒ. උදයකුමාර්ගේ මගපෙන්වීම යටතේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාල හෝටලය වටලා පරීක්ෂණ සිදුකර තිබේ. 

මඩකලපුව නගරයේ ප්‍රසිද්ධ හෝටලයක් වන මෙම ස්ථානය මීට පෙරද දෙවරක් අධිකරණයේ අවවාදයට ලක්ව තිබීම විශේෂත්වයකි.