විදුලි සැර වැදී කාන්තාවක් මරුට

විදුලි සැර වැදී කාන්තාවක් මරුට

May 17, 2026   11:59 am

කොටවෙහෙර, පලුගොල්ල ප්‍රදේශයේ දී කාන්තාවක් විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 69ක් වූ පලුගොල්ල, ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ජල මෝටරයක් සඳහා විදුලිය ලබා දී තිබූ වයරයේ ඇති වූ විදුලි කාන්දුවීමක් මගින් අදාළ කාන්තාවට විදුලි සැර වැදී ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත. 

කොටවෙහෙර පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.