මෙරට පස්වැනි සහ හයවැනි IMF සමාලෝචන එළැඹෙන 27 වෙනිදා

මෙරට පස්වැනි සහ හයවැනි IMF සමාලෝචන එළැඹෙන 27 වෙනිදා

May 17, 2026   10:18 am

ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පස්වැනි සහ හයවැනි සමාලෝචන, ඇගයීමට ලක් කිරීම එළැඹෙන මැයි මස 27 වෙනි දින සිදුකිරීමට එම අරමුදලේ විධායක මණ්ඩලය දින නියම කර තිබේ.

විධායක මණ්ඩලය විසින් මෙම අනුමත කිරීම සිදුකළ පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක පමණ මූල්‍යාධාරයක් ලබා ගැනීමට ප්‍රවේශය සැලසෙන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේය.

පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය පැවසුවේ මෙම සමාලෝචන සඳහා අනුමැතිය ලැබීම සඳහා අවදානමට ලක්විය හැකි පාර්ශ්ව ආරක්ෂා කරමින් පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණය ප්‍රතිස්ථාපනය කිරීම තීරණාත්මක පූර්ව ක්‍රියාමාර්ගයක් වන බවය.