
ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 29කින් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 02ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 247කි.
එහිදී ෆින් ඇලන් ලකුණු 93ක් සහ අන්ක්‍රිෂ් රගුවන්ශි නොදැවී ලකුණු 82ක් ලබාගත්තහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 248ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 218ක් පමණය.
එහිදී ශුබ්මන් ගිල් ලකුණු 85ක් රැස්කරගත්තේය.





















