දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ග⁣ලයාගේ නිවසේ උපකරණ රැසක්

දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ග⁣ලයාගේ නිවසේ උපකරණ රැසක්

May 16, 2026   09:21 pm

කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර අද (16) උදෑසන සිදුවූ දුම්රිය අනතුරෙන් පසු, එම දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසින් උපරණ කිහිපයක්ම සොයාගැනීමට පොලිසියට හැකිව තිබේ.

ඒ අනුව එම සැකකරු පදිංචි නිවස තුළ සඟවා තිබූ දුම්රියේ පීලි මාරු කිරීමට යොදා තිබූ යකඩ ලිවර් 3ක්, ඒවා ගැලවීමට යොදාගත් උපකරණ පොලිස් භාරයට ගෙන ඇත

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වනවාසල ප්‍රදේශයේදී පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්ය.

පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මංගල අජිත් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් අදාළ පරීක්‍ෂණ සිදුකරනු ලබයි.