අඩි 15ක් ගැඹුරු දියවළකට වැටී තරුණයෙක් මරුට

අඩි 15ක් ගැඹුරු දියවළකට වැටී තරුණයෙක් මරුට

May 16, 2026   09:03 pm

ගම්පොළ දොරගල කිතුල්බැද්ද ප්‍රදේශයේදී පාපැදියකින් ගමන්කරමින් සිටි තරුණයෙක්  අඩි 15ක පමණ ගැඹුරු දියවළකට වැටීමෙන් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වන තරුණයෙකි. 

අදාළ තරුණයා ඥාති සහෝදරයකුද සමඟ පාපැදියේ ගොස් ඇති අතර පාපැදියේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.