නව ඉබෝලා වෛරසය කොංගෝ රාජ්‍යයේ හිස ඔසවයි
May 16, 2026 12:56 pm
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා (Ebola)වෛරස් රෝගයක් පැතිර යන බව අප්‍රිකානු සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ වන විට සැකකටයුතු රෝගීන් 246ක් පමණ වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගලයන් 65 සිට 80 දක්වා ප්‍රමාණයක් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසා ඇත.
අධික උණ, ඇඟ පත රිදීම, වමනය, පාචනය සහ ශරීරයෙන් ලේ ගැලීම මෙහි ප්‍රධාන ලක්ෂණයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි මෙවර පැතිර යන්නේ බුන්ඩිබුග්යෝ (Bundibugyo)යන ඉබෝලා වෛරස් ප්‍රභේදය බවයි.
මේ සඳහා තවමත් නිල වශයෙන් අනුමත කළ එන්නතක් නොමැති නිසා රෝගය පාලනය කිරීම අභියෝගයක් වී ඇති බවද සඳහන් වෙයි.
රෝගය අසල තිබෙන උගන්ඩාව වැනි රටවලටත් පැතිරීමේ අවදානමක් පවතින නිසා සෞඛ්‍ය අංශ මේ වන විට දැඩි පියවර ගනිමින් සිටින බවද වාර්තා පවසයි.
ඉබෝලා රෝගය
මෙම රෝගය මුලින්ම සොයාගත්තේ 1976 වසරේදී කොංගෝවෙන්. එය වවුලන්ගෙන් බෝ වන්නට ඇති බව විශ්වාස කරයි.
ලෙඩ වුණු කෙනෙකුගේ කෙළ, ලේ වැනි ශරීර දියර වර්ග සෘජුවම ස්පර්ශ වීමෙන් මෙම රෝගය බෝ වනු ලබයි.
මුල් අවස්ථාවේදී උණ, ඇඟ පත රිදීම, තද හිසරදය සහ උගුර රිදීම ඇති වේ.
පසුව වමනය, පාචනය, සමේ පලු දැමීම සහ ශරීරයෙන් ලේ ගැලීම සිදුවන බව සඳහන් වෙයි.
ඉබෝලා රෝගයට තවමත් ස්ථිර සුවයක් නොමැති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ රෝගය වැළඳෙන අයගෙන් 50%ක් පමණ මියයන බවයි.
වත්මන් තත්ත්වය සහ පාලනය
රෝගය පැතිරෙන ප්‍රදේශවල ජනතාව නිතර සංචාරය කිරීම සහ රන් පතල්වල සේවය කිරීම නිසා රෝගය තවත් පැතිරීමේ දැඩි අවදානමක් පවතින බව සඳහන් වෙයි.
රෝගය පාලනය කිරීම සහ සීමා මායිම් පරීක්ෂා කිරීම සඳහා කොංගෝව, උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල් එකතු වී සාකච්ඡා පවත්වමින් සිටියි.
