ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ පුද්ගලයින් 6ක් මරුට
May 16, 2026 11:30 am
ඊශ්‍රායල විසින් ලෙබනනය වෙත එල්ල කර ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ ලෙබනනයේ බේරූට් හි මුරපොලක් ඉලක්කකරමින් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවයි.
මියගිය පුද්ගලයින් අතර වෛද්‍යවරුන් තිදෙනෙකුද සිටින බව සඳහන් වෙයි.
දෙරට දින 45ක සටන් විරාමයකට එකඟ වී ඇති අවස්ථාවක ඊශ්‍රායල විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් ය.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊශ්‍රායලය සහ ලෙබනනය වොෂින්ටන්හිදී දින දෙකක සාකච්ඡාවලින් පසු ඔවුන්ගේ අස්ථාවර සටන් විරාමය දීර්ඝ කිරීමට එකඟ වූ බවයි.
