මාරක අනතුරක් - පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

මාරක අනතුරක් - පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

May 16, 2026   11:01 am

හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ටිපර් රථයක් ඉන්ධන හලකින් ඉන්ධන ලබාගෙන නැවත මාර්ගයට ධාවනය කිරීමේදී යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බලපතල තුවාල ලැබු යතුරුපැදිකරු  වෑතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 31 හැවිරිදි පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වෙයි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.