මුදල් නියෝජ්‍ය ඇමති සහ රුසියානු තානාපති අතර හමුවක්
May 15, 2026 07:12 pm
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීම උදෙසා අවශ්‍ය සහයෝගය ඉදිරියේදී තමන් ලබාදීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලිවන් එස්. ඩ්‍රගර්යන්ස් (Levan S. Dzhagaryan) පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (14) හමුවූ අවස්ථාවේදීය.
මුදල් අමාත්‍යාංශයේදී පැවැති මෙම සාකච්ඡාවේදී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇත.
මෙම හමුව දෙරට අතර දිගුකාලීන මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මනා පිටිවහලක් වන බව රුසියානු තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර කළේය.
