වන අලි පහරදීමකින් පියෙකු සහ දියණියක මරුට

වන අලි පහරදීමකින් පියෙකු සහ දියණියක මරුට

May 15, 2026   02:25 pm

විල්ගමුව, හෙට්ටිපොල ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පියෙකු සහ දියණියක මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ අද(15) උදෑසන යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 56 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 25 හැවිරිදි දියණිය බවද සඳහන් වේ.