header logo
SLIC
ක්‍රීඩා
2026 LPL සටනේ පළමු තරගය යාපනය සහ ගාල්ල අතර
May 15, 202610:06 AM
2026 LPL සටනේ පළමු තරගය යාපනය සහ ගාල්ල අතර
EDEX

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය 2024 වාරයේ ශූරයන් සහ අනුශූරයන් බවට පත්වූ යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තරගාවලිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, ආරම්භක තරගය ජූලි 17 වැනිදා SSC ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතව ඇති බවය.

මෙම තරගය ආරම්භ කිරීමට පෙර, එම ක්‍රීඩාංගණයේදීම සමාරම්භක උත්සවයක් පැවැත්වීමද කටයුතු යොදා ඇත.

මෙවර LPL තරගාවලිය ජූලි 17වැනිදා සිට අගෝස්තු 8 දක්වා පැවැත්වෙන අතර, එහි තරග කොළඹ SSC හා ආර්. ප්‍රේමදාස මෙන්ම දඹුල්ල සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට සැලසුම්කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight