අයහපත් කාලගුණයෙන් නිවාස 88කට අර්ධ හානි
May 15, 2026 09:31 am
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිවයින පුරා නිවාස 88ක් අර්ධ හානියට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය පැවසුවේ දිස්ත්‍රික්ක 7කින් මෙම අර්ධ හානි වූ නිවාස වාර්තා වී ඇති බවය.
මින් වැඩිම අර්ධ නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ නිවාස 40ක් අර්ධ හානී වී තිබේ.
මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් නිවාස 25ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 9ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 5ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් නිවාස 5ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 5ක්, මොනරාගල දිස්ත්‍රික්කයෙන් නිවාස 4ක්, මෙලෙස අර්ධ හානියට ලක්ව තිබේ.
මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 29ක පුද්ගලයින් 104ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 02ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
