මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් සියයට 6ක් ඇදුම රෝගයෙන්
May 14, 2026 09:38 am
මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් සියයට 6ක් පමණ ඇදුම රෝගය හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අංශ පවසයි.
ශ්‍රී ලංකා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුමන හඳගල මහතා පැවසුවේ නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් මෙම රෝගය සුවකළ හැකි බවයි.
පසුගිය මැයි 5වන දිනට යෙදී තිබු ලෝක ඇදුම දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුමන හඳගල මහතා මෙම අදහස් පළ කරන්නට විය.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුමන හඳගල මහතා ,
"ඇදුම රෝගය ලෝකය පුරාම සුලබව පවතින ලෙඩක්. මිලියන 260ක පමණ ජනතාවක් ලෝකයේ මෙයින් දුක් විදිනවා. මේකෙ තියෙන බලපෑම තමයි විශේෂයෙන් කුඩා දරුවන්ට හා තරුණයින්ට මේක බලපානවා. ලෝකයේ දිනකට මෙම රෝගයෙන් 1000ක් දෙනා මිය යන බව හොයාගෙන තියෙනවා.මෙය බෝ නොවන රෝගයක්"
