තමිල්නාඩු නව මහ ඇමතිගේ ඇස ශ්‍රී ලංකාව දෙසට

තමිල්නාඩු නව මහ ඇමතිගේ ඇස ශ්‍රී ලංකාව දෙසට

May 13, 2026   11:20 am

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ අත්අඩංගුවටගත් ධීවරයින් කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා සුදුසු රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කරන ලෙස තමිල්නාඩු මහ ඇමති තලපති විජේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. 

ඒ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින්ය. 

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ අත්අඩංගුවටගත් තමිල්නාඩු ධීවරයින් සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමති ධුරයේ පසුගියදා දිවුරුම් දුන් තලපති විජේ ඉන්දීය මධ්‍යම රජයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතාට ලිපියක් යොමුකර තිබේ. 

එමඟින් ඔහු ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට යොමුකර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දිනයේදී බෝට්ටුව සමග අත්අඩංගුවට ගත් තමිල්නාඩුවේ මන්ඩපම් හි පදිංචි ධීවරයින් 06 දෙනෙකු පිළිබඳවයි. 

ඊට අමතරව තමිල්නාඩු නව මහ ඇමති තලපති විජේ එම ලිපියෙන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ ඉන්දීය ධීවරයින් 54 දෙනෙකු දැනටමත් ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල පසුවන බවය. 

එසේම, ඉන්දීය ධීවර බෝට්ටු 264ක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් රඳවාගෙන ඇති බවත් ඔහු තවදුරටත් සිය ලිපියෙන් අවධාරණය කර තිබේ. 

ඒ අනුව, රඳවාගෙන සිටින ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා සුදුසු රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කරන ලෙස තමිල්නාඩු මහ ඇමති තලපති විජේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.