අධික වැසි මැද තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ ශ්‍රේණි කිහිපයකට නිවාඩු

අධික වැසි මැද තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ ශ්‍රේණි කිහිපයකට නිවාඩු

May 13, 2026   10:08 am

මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මතුවී ඇති නායයෑම් සහ පස්කඳු කඩාවැටීමේ අවධානම සැලකිල්ලට ගෙන තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ ශ්‍රේණි කිහිපයක් සඳහා අද (13) දිනයේ නිවාඩු ලබාදීමට පියවර ගෙන ඇත.

එම පාසලේ විදුහල්පතිවරයා සඳහන් කළේ දරුවන්ගේ ආරක්ෂාව පතා 6, 7, 8, 9 සහ උසස් පෙළ පන්ති සඳහා පමණක් අද දිනයේ නිවාඩු ලබාදුන් බවය.

10,11 සහ ප්‍රාථමික අංශයේ පන්ති සුපුරුදු පරිදි පැවැත්වෙන බවද විදුහල්පතිවරයා සඳහන් කරයි.

මේ අතර මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ඇතුළු තදාසන්න ප්‍රදේශවලරටත් 
නිල්වලා ගංඟාවේ දෙනියාය සහ සිංහරාජ රක්ෂිත වනාන්තරය ඇතුළු පෝෂිත කලාපයටත් ධාරානිපාත වැසි ඇදහැලෙමින් පවතී.

නිල්වලා ගංඟාවේ ජල මට්ටමේ වැඩිවීමක් පිටබැද්දර හා අකුරැස්ස ප්‍රදේශවලින් දක්නට ලැබෙන බවත් අද දෙරණ වාර්තාකරු පැවසීය.