තමිල්නාඩු නව මහ ඇමති විජේගෙන් ජනපති අනුරට තුති
May 12, 2026 05:36 pm
තමිල්නාඩුවේ 17 වන මහ ඇමතිවරයා ලෙස පත් වූ සී. ජෝසප් විජේ මහතා, තම මැතිවරණ ජයග්රහණයෙන් අනතුරුව සුබ පැතුම් එක් කළ අනුර කුමාර දිසානායක මහතාට ස්තූතිය පළ කර තිබේ.
සිය X ගිණුම හරහා සටහනක් තබමින් සී. සී. ජෝසප් විජේ මහතා සඳහන් කර ඇත්තේ, ශ්රී ලංකා ජනාධිපතිවරයාගෙන් ලැබුණු සුබ පැතුම් පිළිබඳ තමා ගෞරවයට පත්වන බවය.
“ශ්රී ලංකා ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතාගෙන් ලැබුණු සුබ පැතුම් පිළිබඳ ගෞරවයට පත්වෙමි. ඔබගේ උතුම් අභිනයට ස්තූතියි,” යනුවෙන් ඔහු එම පණිවිඩයේ සඳහන් කර තිබේ.
