අල්ලස් කොමිසමට එන්න නිවසින් පිටවූ හිටපු ජනපති මහින්ද
May 12, 2026 09:26 am
අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර නුගේගොඩ පිහිටි ඒ මහතාගේ නිවසින් පිටත්ව ගියේය.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් අනුව ඒ මහතා මෙලෙස අල්ලස් කොමිසම වෙත පිටත්වුණි.
හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පාක්ෂිකයින් රැසක් අල්ලස් කොමිසම පිහිටි ස්ථානයේ රැඳී සිටී.
එමෙන්ම ඒ අවට ආරක්ෂාව තරකර ඇති අතර පොලීසිය, විශේෂ කාර්ය බළකාය ද ගෙන්වා තිබුණි.
