ගාල්ලේ දී සයිබර් අපරාධයන්ට සුදානමින් සිටි ඉන්දීය ජාතිකයින් 110ක් මාට්ටු

ගාල්ලේ දී සයිබර් අපරාධයන්ට සුදානමින් සිටි ඉන්දීය ජාතිකයින් 110ක් මාට්ටු

May 12, 2026   06:17 am

ගාල්ල, ගල්වඩුගොඩ හා ශ්‍රී සුමේධ මාවතප්‍රදේශවලදී ලැගුම්හල් දෙකක් තුළ නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 110 දෙනෙකු පරිගණක අපරාධ පනතේ ගැනෙන වැරදි සිදු කිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකරුවන් අවුරුදු 19ත් 35ත් අතර වයස්වල පසුවන විදෙස් ජාතිකයින් බව පොලීසිය පැවසීය.

සැකකරුවන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 58ක්, ජංගම දුරකථන 79ක්, පොලිස් භාරයට ගෙන ඇති අතර ගාල්ල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.