දැදුරුඔය, රාජාංගනය සහ අංගමුව ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කෙරේ
May 11, 2026 09:57 pm
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි දෙක දක්වා වැඩි කර විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ධාරා ප්රදේශයට ලැබෙන වර්ෂාව හේතුවෙන් මෙම තීරණය කර ඇති බව සඳහන්.
ඒ අනුව ජලාශයෙන් තත්පරයට ජලය ඝන අඩි 5500 බැගින් දැදුරු ඔයට නිකුත් කෙරේ.
මේ අතර රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර තිබේ.
ඒ අනුව වාන් දොරටු හතරක් අඩි හය බැගින් ද වාන් දොරටු හතරක් අඩි පහ බැගින් ද සෙසු වාන් දොරටු 4ක් අඩි දෙක බැගින් ද විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව ජලාශයෙන් තත්පරයට ජලය ඝන අඩි 14,565 බැගින් කලා ඔයට නිකුත් කෙරෙන බව සඳහන්ය.
එමෙන්ම අංගමුව ජලාශයෙන් වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ජලය ඝන අඩි 653 බැගින් කලා ඔයට නිකුත් කෙරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
